
පට්ටිපොල පොලිස් වසමේ අඹේවෙල සත්ව ගොවිපලේ සතුන්ට ආහාර බෙදා හරිමින් තිබූ ට්‍රැක්ටර් රථයකට එහි සේවකයෙකු යට වී බරපතල තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 55 ක් වූ සිරිසමන්ගම, අඹේවෙල ප්‍රදේශයේ පදිංචි ගොවිපලේ වැඩ පරීක්ෂකවරයෙක්.
මෘත ශරීරය නුවරඑළිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
source :- https://tinyurl.com/yc7ypdtn







