
දකුණු කොරියාව තුළ යුද නීතිය ප්රකාශ කළ ජනාධිපති යුන් සොක් යොල්ට එරෙහිව ජාතික සභාවට ඉදිරිපත් කළ දෝෂාභියෝගය විපක්ෂය ජයග්රහණය කිරීමත් සමග ජනාධිපතිවරයාට සිය ධූරය අහිමි වී තිබෙනවා.
ජාතික සභාව නියෝජනය කරන මන්ත්රිවරුන් 300 දෙනාගෙන් යෝජනාවට පක්ෂව ඡන්ද 204ක් ලැබී ඇති අතර, විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 85ක් පමණයි.
ඡන්ද 08ක් අවලංගු වී ඇති අතර, මන්ත්රීවරු තිදෙනෙකු පැමිණ සිටියේ නැහැ.

ඒ අනුව, අග්රාමාත්ය හන් ඩුක් සෝ වැඩබලන ජනපති ලෙස පත් කෙරෙනු ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
source :- https://tinyurl.com/44enc4jp








