
පුද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් කිලෝග්‍රෑම් 75,000ක් ගුල්ලන් ඇතුළු කුරුමිණියන් හඳුනා ගැනීම සහ නිෂ්පාදන තොරතුරු ලේබල් පිළිබඳ ගැටළු හේතුවෙන් නැවත අපනයනය කිරීමට ශ්‍රී ලංකා රේගුව විසින් ආනයනකරුවන්ව දැනුම්වත් කර තිබෙනවා.
රටතුළ මතුව ඇති සහල් ගැටලුවට පිළියමක් ලෙස රජය සහල් ආනයනයට අවසර දීමත් සමග මෙරටට ගෙන්වූ සහල් තොග අතුරින් බහලුම් 3ක අඩංගු සහල් කිලෝග්‍රෑම් 75,000ක් පමණ පරිභෝජනයට නුසුදුසු බව සෞඛ්‍ය අංශ මගින් අනාවරණය කරගෙන තිබෙනවා.
රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේවනවිට ආනයනය කර ඇති සහල් මෙට්‍රික් ටොන් 2,400න් 90%ක් පමණ රේගුවෙන් නිදහස් කර ඇති බවයි.

රජය විසින් පසුගිය 04 වැනිදා සිට සහල් ආනයනය සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට අවසර ලබාදුන්නා.
ඒ අනුව, ඊයේ වනවිට පෞද්ගලික අංශය විසින් මෙරටට ආනයනික සහල් මෙට්‍රික් ටොන් 2,400ක් පමණ ගෙන්ව ඇති අතර ඒවා කොළඹ වරායට ගොඩබා තිබෙනවා.







