
ලොව පුරා සියලු බෞද්ධයන් මහත් භක්තියෙන් සමරන වසර අවසාන උඳුවප් පොහොය අදට (14) යෙදී තිබෙනවා.
උඳුවප් පොහොය දිනය ලංකාවාසී බෞද්ධයන්ට විශේෂයෙන් වැදගත්වන්නේ, අප රටේ භික්ෂුණී ශාසනයේ ආරම්භය සහ අසදෘෂ බෝධිරාජයාණන් වහන්සේගේ ආගමනය නිසයි.
බුදුරජාණන් වහන්සේට සෙවණ දුන් බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩම කරවන්නැයි, දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මශෝක රජතුමාගෙන් කළ ඉල්ලීම අනුව සංඝමිත්තා තෙරණිය ඇතුළු දූත පිරිස ශ්රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන මෙරටට වැඩම කළේ අද වැනි දිනකයි.

ඒ අනුව, සංඝමිත්තා මෙහෙණින් වහන්සේ දින 7ක් මුහුද තරණය කිරීමෙන් පසු ජය ශ්රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක්ද රැගෙන දඹකොළ පටුනෙන් මෙරටට වැඩම කළා.
එසේම අනුලා දේවිය ඇතුළු කාන්තාවන් පන්සිය දෙනෙකු සංඝමිත්තා තෙරණිය වෙතින් පැවිදි බව ලැබීමෙන් පසු, මෙරට කාන්තා පැවිද්ද ආරම්භ වූයේද අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනකදීයි.
එපමණක් නොව ශ්රී පාද වන්දනා සමය ද අද සිට ආරම්භ වෙනවා.
source :- https://tinyurl.com/33pkc9sp







