දුර්ලභ ගණයේ පිරමීඩ හැඩයෙන් යුත් කපා ඔප දමා නොමැති නිල් මැණිකක් මීගමුව ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුට හමුවී තිබෙනවා.

මෙය දුර්ලභ ගණයෙන් ඉහළම නිල් මැණිකක් බවයි එම මැණික හිමි පුද්ගලයා පවසන්නේ.

මෙම මැණිකේ බර කැරට් 17.42ක් වන අතර, එහි වටිනාකම මෙතෙක් තහවුරු කර නොමැත.

මෙම මැණික හමුවී ඇත්තේ බදුල්ල පස්සර ප්‍රදේශයේ පතලකින් වන බවයි මෙම ව්‍යාපාරිකයා පවසන්නේ.

ඔහු වසර විස්සක් පමණ මැණික් සම්බන්ධ වෘත්තියේ යෙදී සිටින බවයි සඳහන් කළේ.

මෙම මැණිකට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් තහවුරු කරන ලද සහතිකයද, Ceylon gemmological services ආයතනයේ සහතිකයද ලබාදී තිබෙනවා.

source :- https://tinyurl.com/4jrhu2pr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here