රුපියල් තුන් ලක්ෂ පනස්දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත්, තලාතුඔය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ, කඩවත, ගෝනහේණ ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

එහිදී ඇය විසින්, මහනුවර පාතහේවාහැට ප්‍රදේශයේ ඉඩමක් වගා කටයුතු සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හරහා ලබාගැනීමට අවශ්‍ය රජයේ කටයුතු සිදුකර දීම වෙනුවෙන් අතරමැදියකු ලෙස මෙම අල්ලස් මුදල ලබාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ.

source :- https://tinyurl.com/ekec79c6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here