ලග්ගල පොලිස් වසමේ ලකේගල ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා ලග්ගල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව ලග්ගල පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 44ක් වූ ලකේගල, නාරංගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මරණකාරිය තම ස්වාමිපුරුෂයා සමඟ ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය ලග්ගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

එමෙන්ම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ලග්ගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර, ජා ඇල නගරයේ වෙළෙඳසැලක් තුළ ඊයේ (10) පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමකින් තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති ජා ඇල පොලිසිය සඳහන් කරනවා.

මරණකරු වයස අවුරුදු 45ක් වූ වලපනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙළෙඳසැලේ සේවකයින් දෙදෙනෙකු විවේක කාමරයේ මත්පැන් පානය කරමින් සිටියදී එම දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවටයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

එමෙන්ම සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජා ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

source :- https://tinyurl.com/yarvefp7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here