බ්‍රිතාන්‍යයේ නව මුදල් ඇමතිනි රැචෙල් රීව්ස් සිය පළමු අයවැය යෝජනාවලිය ඊයේ (30) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එහි විශේෂත්වයවන්නේ වසර 30ක් තුළ බ්‍රිතාන්‍යය රජයක් හඳුන්වා දුන් විශාලතම බදු වැඩිකිරීම එමගින් යෝජනා කර තිබීමයි.

සිය අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඇය පසුගිය කොන්සවේටිව් පාලනයට චෝදනා කර සිටියේ රාජ්‍ය සේවය කඩා වැට්ටවීමේ වගකීම ඔවුන් බාරගත යුතු බවටයි.

ඒ අනුව වර්ෂයකට බදු පවුම් බිලියන 40කින් වැඩිකරන බව ඇය පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා.

source :- https://tinyurl.com/mw4k898a

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here