එක්සත් ජනපදයේ බටහිර වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.

රිච්ටර් මාපක 6.0 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව ඔරිගන් ප්‍රාන්තයේ බැන්ඩන් නගරයේ සිට සැතපුම් 173 ක් (කිලෝමීටර් 279 ක්) දුරින් පැසිෆික් සාගරයට යටින් ඇතිව ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.

භූ කම්පන විද්‍යාඥයින් විසින් භූමිකම්පාවේ ගැඹුර මුලින් කිලෝමීටර් 10ක් ලෙස දක්වා ඇති අතර, සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

source :- https://tinyurl.com/mrxt89f2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here