බලපත්‍රයක් නොමැතිව වතු කම්කරුවන්ට අධික මිලකට රජයේ අනුමත රා බෝතල් අලෙවි කළ කාන්තාවක් අද (31) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසනවා.

දිපවාලි උත්සවය නිමිත්තෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම මත්පැන් අලෙවිසැල් වසා දමා ඇති නිසා සැකකාර කාන්තාව පදිංචි බගවන්තලාව කර්කස්වොල් වතුයායේ ඇයගේ නිවස වෙත රා බෝතල් විශාල ප්‍රමාණයක් රැගෙන ගොස් වතු කම්කරුවන්ට අධික මිලකට අලෙවි කරමින් සිටින බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අදාළ සැකකාර කාන්තාව සහ අලෙවි කිරිමට සගවා තිබු රා බෝතල් 45ක් පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

source :- https://tinyurl.com/3wpyw35k

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here