
ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගය වසර එකහමාරක කාලයක් ගතවනතුරුත් මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් නොදීමෙන් සිදුවූ අපහසුතාවට නීතිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල ගෙන් ඊයේ සමාව ගත්තා.
වනජීවි භාරයේ රදවා සිටින හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාලව මීට වසර එකහමාරකට පෙර අධිකරණය නිකුත් කළ නියෝගය පිළිබඳව තම අධිකරණය දැනුම්වත් නොකළේ මන්දැයි අතිරේක මහේස්ත්‍රාත්වරයා විමසූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක එලෙස සමාව අයැද සිටියා.
පුද්ගලයන් තිදෙනකු සන්තකයේ සිටියදී මීට වසර අටකට පෙර එනම් 2016 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිය භාරයට ගෙන සිටි හීලෑ අලි තුන්දෙනෙකු නැවත එම හිමිකරුවන් වෙත භාරදෙන ලෙසට අධිකරණය නිකුත් කර තිබෙන නියෝගය වහාම ක්‍රියාත්මක කරන ලෙසයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වනජීවී අධ්‍යක්ෂක ජනරාල් චන්දන සූරියබණ්ඩාරට ඊයේ නියෝග කළේ.

කළුතර, අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක පුද්ගලයන් තුන්දෙනෙකු සන්තකයේ මෙම හීලෑ අලින් තුන්දෙනකු සිට තිබෙනවා.
එම සතුන් නැවත එම හිමිකරුවන් වෙත භාර කරන ලෙස 2023 වසරේ ඔක්තෝබර් මස 23 දින අධිකරණය මගින් නිකුක් කර තිබෙන නියෝගය ක්‍රියාත්මක කිරීම වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් පැහැර හැර ඇති බවට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගෙන අධිකරණය එම නියෝගය නිකුත් කළා.
අධිකරණයක් මගින් නියෝගයක් නිකුත් කළ විගස එය ක්‍රියාත්මක කිරීමට ඕනෑම පුද්ගලයකු බැඳී සිටින නමුත් වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා හිතාමතාම එම නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැර අධිකරණයට අපහාසයක් කර ඇති බවද ඔවුන් කියා සිටියා.
අධිකරණය මගින් ලබාදී තිබෙන නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට අවශ්‍ය පියවර ගන්නා බවද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මෙහිදී අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
අධිකරණයක් මගින් නිකුත් කර තිබෙන නියෝගයක් නැවත අත්හිටුවිය නොහැකි බවද මේ වන විට ඒ සම්බන්ධයෙන් ලබාදී තිබෙන නියෝගය එලෙසම ක්‍රියාත්මක බවද මෙහිදී මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශවයට දැනුම් දුන්නා.
අතිරේක සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක මෙහිදී කියා සිටියේ මෙම සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පැවති නමුත් අලි තිදෙනා අදාල හිමිකරුවන් වෙතට නිදහස් කරන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් වසරේ ලබාදී තිබෙන එම නියෝගය පිළිබඳව තමන් නොදැන සිටි බවයි.
දැනට මෙම අලි තුන්දෙනා මේ වනවිට උඩවලව රඳවා තබා ඇති බවයි අධිකරණය හමුවේ අනාවරණය වුණේ.
source :- https://tinyurl.com/ybaafa2b







