සිය පුතා මියගිය බව නොදැන දින හතරක් ඔහුගේ නිසල සිරුර සමඟ වයෝවෘද්ධ, ​​දෘෂ්‍යාබාධිත මව්පිය යුවළක් වාසය කර තිබෙන පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

සිය පුතාගෙන් මව්පියන් ආහාර සහ ජලය ඉල්ලා කතා කළද, ඔහු ප්‍රතිචාර දක්වා නොමැති බවටයි ඔවුන් පවසා ඇත්තේ.

මෙම යුවළගේ නිවසින් දුර්ගන්ධයක් හමන බවට අසල්වාසීන් විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර, පොලිසිය පැමිණීමෙන් අනතුරුවයි මියගිය තරුණයාගේ සිරුර සොයාගෙන තිබෙන්නේ.

විශ්‍රාමික රජයේ සේවකයෙකුවන කලුවා රාමණ, ඔහුගේ බිරිඳ ශාන්තිකුමාරි සහ ඔවුන්ගේ බාල පුත් ප්‍රමෝද් හයිද්‍රාබාද් ප්‍රදේශයේ පිහිටි කුලියට ගත් මහල් නිවාසයක ජීවත් වී තිබෙනවා.

එමෙන්ම 30 හැවිරිදි වියේ පසුවූ ඔහුව බිරිඳ හැර ගොස් ඇති අතර, ඔහු අධික ලෙස මත්පැන් පානය කරන්නෙකු බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ.

පොලිස් නිලධාරීන් නිවසට පැමිණෙන විට ඔවුන් දෙදෙනා අඩ සිහියෙන් සිටි බවත්, පසුව නගරයේ වෙනත් ප්‍රදේශයක ජීවත්වන ඔවුන්ගේ වැඩිමහල් පුතාට ඔවුන් දෙදෙනා බාරදී ඇති බවත්, වාර්තා සඳහන් කරනවා.

පොලිසිය පවසා ඇත්තේ, ප්‍රමෝද් දින හතරකට පහකට පමණ පෙර නින්දේදී මිය ගොස් ඇති බවත්, ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යවා ඇති බවත්ය.

source :- https://tinyurl.com/4xzz6jn6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here