
හලාවත – පුලියන්කඩවර ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් විසින් පවත්වාගෙන යන පොල් වත්තක තිබූ පොල් ගස් දෙසීයකට ආසන්න ප්‍රමාණයක් කපා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, හලාවත ප්‍රදේශීය ලේකම්වරයා කළ පැමිණිල්ලකට අනුවයි.
පොල්ගස් 10 කට වැඩි සංඛ්‍යාවක් ඉවත් කරන්නේ නම් ඒ සදහා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවෙන් අවසර ලබා ගත යුතු නමුත් ඉඩම් හිමිකාරි ආයතනය එවැනි අවසරයක් ලබා ගෙන නොමැති බවයි හලාවත ප්‍රාදේශිය ලේකම් චානක ප්‍රේමසූරිය සදහන් කළේ.

ඉඩමේ පොල් ඵලදාව විශාල ලෙස අඩු බැවින් අලුතින් පැල සිටුවීම සදහා ඵලදාව අඩු පොල් ගස් ඉවත් කළ බව අදාල ඉඩම අයත් බව කියන සමාගමේ නිලධාරියෙකු ප්‍රාදේශීය ලේකම්වරයාට සදහන් කර තිබෙනවා.
එහෙත් එම ප්‍රකාශය ගැටලුකාරී බැවින් ග්‍රාම නිලධාරියා හරහා පොලිසියට පැමිණිලි කළ බවද හලාවත ප්‍රාදේශීය ලේකම් චානක ප්‍රේමසූරිය සදහන් කළා.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය හලාවත පොලිසියෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ අද ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් සහ අදාල ඉඩමේ හිමිකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.
source :- https://tinyurl.com/bdh4ey3j







