පෙම්වතා විසින් මුහුදට තල්ලු කළ බවට සැකකෙරෙන 19 හැවිරිදි තරුණියක් හිසට තුවාල ලැබීමෙන් මියගොස් ඇති බව පරීක්ෂණවලින් හෙලිවී තිබෙන බව පයාගල පොලීසිය පවසනවා.

මොවුන් දෙදෙනා ඊයේ පස්වරුවේ පයාගල දියලගොඩ මුහුදු වෙරළේදී පෙම්බස් දොඩවා ඇති අතර පසුව ඇති වූ බහින් බස් වීම දුරදිග ගොස් පෙම්වතා පෙම්වතිය තල්ලු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එම තල්ලු කිරීමත් සමඟ තරුණියගේ හිස ගලකට වැදීමෙන් ඇය බරපතල තුවාල ලබා තිබෙනවා.

සැකකරු විසින්ම 1990 සුවසැරිය මඟින් කළුතර නාගොඩ රෝහලට රැගෙන ගොස් ඇති නමුත් අද අළුයම තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සැකකරු පයාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

source :- https://tinyurl.com/4ukxxu4y

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here