කිසිදු අයුරකින් උසස් පෙළ විභාගය කල් නොදමන බවත්, එය සැලසුම් කර ඇති පරිදි ලබන මස 25 වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා දක්වා පැවැත්වෙන බවත්, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

විභාග දෙපාර්තමේන්තුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් ඔහු කියා සිටියේ, උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් පළවන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසයි.

එමෙන්ම, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති උසස් පෙළ විභාගය සදහා සකස් කළ කාලසටහන පමණක් පරිශීලනය කරන ලෙසද එහිදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සිසුන්ගෙන් ඉල්ලා සිටියා.

source :- https://tinyurl.com/4ahz75wf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here