
මන්නාරම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ මත්පැන්හලක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රයක් අත්හිටුවමින් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කළ ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අදාළ මත්පැන්හලේ හිමිකරු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
ඊට අමතරව අදාල පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින සුරාබදු කොමසාරිස ජෙනරාල්වරයා, මන්නාරම ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිසක් වෙත නොතිසි නිකුත් කරන ලෙසත් අධිකරණය විසින් නියෝග කළා.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා ඇතුළු නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් සැප්තැම්බර් මස 30 වන දා වගඋත්තරකාර සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ලිපියක් යොමු කරමින් තම සේවාදායකයාගේ මත්පැන්හලේ බලපත්‍රය අත්හිටුවා තිබෙන බවට දැනුම් දී ඇතැයි සඳහන් කළා.
මෙම පෙත්සම යළි දෙසැම්බර් මස 17 වනදා කැඳවනු නියම කෙරේ.
source :- https://tinyurl.com/3enfpwfh







