යාපනය පේදුරුතුඩුව කොට්ටඩි ඉන්ධන පිරවුම් හලට අයත් කාලයක් තිස්සේ භාවිතයට නොගත් ළිදක තිබී අධි බලැති ජීව අත් බෝම්බ 12ක් පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (26) ගොඩ ගෙන තිබෙනවා.

ඉන්ධන පිරවුම්හලට මෙම ළිදෙහි ජලය අවශ්‍ය වූ නිසා ළිද සුද්ධ කිරීමට යාමේදී එක්වරම උරයක දමා තිබූ මෙම
අත් බෝම්බ හමු වී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ.

වහාම මේ පිළිබදව පේදුරුතුඩුව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණ අත් බෝම්බ තොගය ළිදෙන් ගොඩ ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම අත් බෝම්බ තොගය යුද සමයේදී කිසියම් පාර්ශ්වයක් විසින් ආරක්ෂාව මත ළිදට දමන්නට ඇති බවයි.

කෙසේ වෙතත් එම බෝම්බ සියල්ලම ජීව ගුණයෙන් යුත් බෝම්බ බවයි පොලීසිය පවසන්නේ.

මෙම අත් බෝම්බ පුපුරවා විනාශ කිරීම පිණිස පේදුරුතුඩුව පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු යොදා තිබෙනවා.

source :- https://tinyurl.com/48pztuc7

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here