යාපනය, කෝප්පායි, කරන්දන් ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටි දෙමළ ජනතා සන්ධානයේ ආධාරකරුවන්ට ඊයේ (26) ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ දෙමළ ජනතා සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් විසින් එම ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටි අවස්ථාවේදි බවයි.

එහිදී ත්‍රිරෝද රථයකින් පැමිණි සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ඔවුන්ට පහර දී තිබෙනවා.

දෙමළ ජනතා සන්ධානයේ ආධාරකරුවන් විසින් ප්‍රහාරයට විරෝධය පළ කර ඇති අතර එම අවස්ථාවේදී එම පිරිස ආපසු පැමිණ 30 යුත් පමණ පිරිසක් ගෙන්වාගෙන එහි ප්‍රචාරක කටයුතුවල නිරත වූ කාන්තාවන්ට සහ පිරිමින්ට යළිත් පහර දී තිබෙන බව අප වාර්තාකරු සඳහන් කර තිබෙනවා.

මෙම සිද්ධියේදී පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් ඇතුළු තිදෙනකු ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

source :- https://tinyurl.com/28v3x8n3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here