ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් දකුණු ලෙබනනයේ නිවසකට රැදී සිටි පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මියගිය පිරිස අතර ළමයින් පස් දෙනෙකුද සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

ලෙබනනයට එල්ල කරනු ලබන ප්‍රහාරවලදී සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීමට පියවර ගන්නා බවයි ඊශ්‍රායලය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ.

source :- https://tinyurl.com/32bjrzd4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here