තුර්කියේ අන්කාරා අගනුවර ආසන්නයේ පිහිටි අභ්‍යවකාශ ආයතනයක මූලස්ථානයට ඊයේ (23) එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් 22 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තුර්කියේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, උතුරු ඉරාකයේ සහ උතුරු සිරියාවේ කුර්දි කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාර දියත් කර ඇති බවයි.

ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන් දෙදෙනෙකු අභ්‍යවකාශ ආයතනයට කඩා වැදී ඇති අතර ඔවුන් අත් බෝම්බ වලින් දමා ගසමින් වෙඩි තබා ඇති බව සඳහන්.

ප්‍රහාරය එල්ල කළ ත්‍රස්වාදීන් දෙදෙනා තරුණයෙකු හා තරුණියක් බවද වාර්තා වනවා.

මොවුන් වෙඩි තබමින් අදාළ මධ්‍යස්ථානයට ඇතුලුවන අයුරු එහි සීසීටීවි ආරක්ෂක කැමරාවල සටහන්ව තිබෙනවා.

තුර්කි උප ජනාධිපති Cevdet Yilmaz සඳහන් කළේ, මියගිය අයගෙන් හතර දෙනෙකු එම ආයතනයේ සේවකයින් වන අතර, අනෙක් පුද්ගලයා කුලී රථ රියදුරෙකු බවයි.

එමෙන්ම මෙම ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි ප්‍රහාරකයන් විසින් කැබ් රථ රියදුරුගේ වාහනය රැගෙන යාමට පෙර ඔහු ඝාතනය කර ඇති බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ 22 දෙනා අතර විශේෂ මෙහෙයුම් බලකා සාමාජිකයින් හත් දෙනෙකු ද සිටින බවටයි වාර්තා වෙන්නේ.

තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකු මේ වනවිටත් රෝහලෙන් පිටව ගොස් ඇති අතර, ඔවුන්ගෙන් 19 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

source :- https://tinyurl.com/36mv78s9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here