
සංචාරයක් සඳහා පැමිණෙන්නැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ඉන්දියාවෙන් ආරාධනයක් සිදුකර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් එම ආරාධනය සිදු කර ඇති බවයි.
16 වැනි බ්‍රික්ස් සමුළුවට සමගාමීව අගමැති නරේන්ද්‍ර මෝදි රුසියාවේ කසාන් නුවරදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමු වී තිබෙනවා.

23 වැනි ඉන්දියා රුසියානු වාර්ෂික සමුළුව සඳහා ලබන වසරේ ඉන්දියාවට පැමිණෙන ලෙස අගමැති මෝදි පුටින්ට ආරාධනා කර ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල පළ වන්නේ.
දේශපාලන, ආර්ථික, ආරක්ෂක, බලශක්ති සහ ජනතාව අතර සබඳතා ඇතුළු විවිධ ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගිතාව නායකයින් දෙදෙනා එහිදී සමාලෝචනය කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
2024 ජුලි මස 22 වැනි ඉන්දියා-රුසියා වාර්ෂික සමුළුව සඳහා නායකයන් දෙදෙනා මීට පෙර මොස්කව්හිදී මුණගැසුණු බැවින් මෙය මේ වසරේ ඔවුන්ගේ දෙවැනි හමුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
source :- https://tinyurl.com/eytjkt39








