චීනය එරට Xichang චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් චන්ද්‍රිකා දියත් කර ඇති බවත්, තායිවානයේ නිරිතදිග ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපය හරහා තිබෙන පියාසර මාර්ගයක් හරහා ඒවා ගමන් කරන බවත් තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

සිය නිල X ගිණුමේ සටහනක් තබමින් එම අමාත්‍යංශය පවසන්නේ චීන වේලාවෙන් අද උදෑසන 9:09 එම චන්ද්‍රිකා දියත් කර ඇති බවයි.

නිරිතදිග ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපය හරහා ඒවා බටහිර පැසිෆික් සාගරය දෙසට පියාසර කරමින් සිටින බව ද තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

“උන්නතාංශය වායුගෝලයෙන් ඔබ්බට ය, කිසිදු තර්ජනයක් නොපෙන්වයි. ක්‍රියාවලිය නිරීක්ෂණය කර ප්‍රතිචාර දැක්වීමට සූදානමින් සිටී,” එම අමාත්‍යංශය නිකුත් කර ඇති X සටහනේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර, චීනය අද දිනයේද තායිවානය ආසන්නයේ සිය හමුදා ක්‍රියාකාරකම් තීව්‍ර කර ඇති අතර, තායිවාන ආරක්ෂක අමාත්‍යංශයට අනුව, ගුවන් යානා 15 ක් සහ නාවික යාත්‍රා හයක් කලාපය තුළ උදෑසන 6 වන විට (දේශීය වේලාවෙන්) දැකගත හැකි වූ බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

source :- https://tinyurl.com/mrbhs9he

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here