ගිහිලී ගිය ජංගම දුරකථනය ලබා ගැනීමට උත්සාහ ගත් තරුණියක් ලිස්සා ගොස් ගල්පර දෙකක් අතර සිරවුණු පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා.

Matilda Campbell නම් මෙම තරුණිය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, නිව් සවුත් වේල්ස් හි Hunter Valley ප්‍රදේශයේදී බවයි වාර්තා වෙන්නේ.

වහාම ක්‍රියාත්මක වුණු ආරක්ෂක නිලධාරීන් විශාල පරිශ්‍රමයක් දැරීමෙන් පසු ඇයව බේරා ගැනීමට සමත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගලවා ගැනීමේ නිලධාරීන් එහි පැමිණෙන මොහොත වන විටත් අදාළ තරුණිය පැයක පමණ කාලයක් තිස්සේ උඩු යටිකුරුව සිරව සිට ඇති බවයි.

කෙසේ වෙතත් සුළු සීරීම් සහ තැලීම් පමණක් සහිතව ඇයව සාර්ථකව බේරාගැනීමට අදාල නිලධාරීන්ට හැකියාව ලැබී ඇති අතර ඇගේ දුරකථනය ලබා ගැනීමට හැකියාවක් නොලැබුණු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

source :- https://tinyurl.com/5yzrw4tu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here