ආරුගම්බේ ප්‍රදේශය සදහා ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු ඇගවීමේ නිවේදනය පදනම් කර ගනිමින් තවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව සදහා වූ සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබෙනවා.

එම රටවල් වන්නේ, බි්‍රතාන්‍ය, නවසීලන්තය, රුසියාව, ඕස්ටේ්‍රලියාව සහ කැනඩාවයි.

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාසනීය තොරතුරු ලැබී ඇති බැවින් එම ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙස මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය අද (23) සිය පුරවැසියන්ට අනතුරු ඇගවීම නිවේදනය නිකුත් කරනු ලැබුවා.

source :- https://tinyurl.com/yeypdxfa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here