
පැපිලියාන ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මුරකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් වාර්තා වනවා.
සැකකාර 17 හැවිරිදි තරුණයා ඔහුව සපා කෑ සුනඛයෙකු ගේ ගෙල කපා හිමිකරුගේ වත්තට දැමීම සහ ඔහුගේ මවට පහරදී අත කඩා දැමීමේ චෝදනාවට ලක් වූවකු බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මුරකරු ලෙස සේවය කළ අළුබෝමුල්ල පමුණුගම පදිංචිව සිටි සික්කු හේවගේ පියදාස ඩයස් (80) යන අය ඉකුත් 15 දා ඝාතනය කර තිබුණා.

මෙම සැකකාර 17 හැවිරිදි තරුණයා පවත්වාගෙන යන පෙම් සබඳතාවයක් මුරකරු විසින් එම මධ්‍යස්ථානයේ කළමනාකාරිණියට දැනුම් දීම ඝාතනයට හේතුවක් බව පැවසෙනවා.
එමෙන්ම එම ආදර සබඳතාවට එය බාධාවක් වීම හේතුවෙන් ඇති වූ වෛරය මත 16 හැවිරිදි මිතුරෙකු සම්බන්ධ කරගෙන මෙම ඝාතනය සිදුකර ඇති බවයි හෙළිවී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් 17 හැවිරිදි ප්‍රධාන සැකකරු හා වැල්ලම්පිටිය, මීතොටමුල්ල 16 හැවිරිදි අනෙක් සැකකරුද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.
එහිදී අතිරේක මහේස්ත්‍රාත් සංජය සිල්වා විසින් සැකකරුවන් ලබන 29 වැනිදා තෙක් රිමාන්ඞ් භාරයට පත් කරන්නැයි නියෝග කළා.
source :- https://tinyurl.com/yzaektmm







