මිය ගිය තම මවගේ මළ සිරුරත් සමඟ මාස තුනක පමණ කාල‍යක් ජීවත් වූ පුතෙකු පිළිබඳ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 20 වැනිදා ගුවහාටි ප්‍රාන්තයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැණුනා.

මෙසේ මිය ගොස් සිටියේ වයස අවුරුදු 75ක් වන පූර්ණිමා දේවි නමැති වයෝවෘද්ධ කාන්තාවක්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ මෘත ශරීරය සොයා ගන්නා විටත් කාන්තාවකගේ අස්ථි කොටස් පමණක් ඉතිරිව තිබූ බවයි.

අදාළ කාන්තාව සිය පුතා සමඟ එම නිවසේ වාසය කර ඇති අතර ඔහු මානසික ආබාධයකින් පෙළෙන තරුණයෙක් බවයි සඳහන් වන්නේ.

එම තරුණයා නිවසට කිසිවෙකුටත් ඇතුළු වීමට ඉඩ නොදීමත් සමග ඇති වූ සැකය නිසා අසල්වාසීන් විසින් පොලිසියට දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ අනුව පොලිසිය පැමිණ මෙම කාන්තාවගේ මළ සිරුර සොයා ගත් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අධිකරණය විසින් වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වෙනවා.

source :- https://tinyurl.com/3dxr8nae

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here