ආරුගම්බේ ප්‍රදේශයේ ඇති ඊශ්‍රායල ජාතිකයින් විසින් ඉදි කර ඇති ගොඩනැගිල්ල ඇති බවත් එයට ඊශ්‍රායල ජාතිකයින් ගැවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව පවසනවා.

නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශ වල ඊශ්‍රායල ජාතිකයින් සර්ෆින් ක්‍රීඩාව නිසා වැඩිපුර ගැවසෙන බවත් ඔවුන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවත් පසුගිය දිනවල තොරතුරු ලැබී තිබූ බවයි.

ඊශ්‍රායල ජාතිකයින් මෙම ප්‍රදේශයේ ගැවෙසෙන බවත් මොවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරක් ලැබී තිබු අතර එහෙයින් නැගෙනහිර දිසාව භාර පොලිස්පති විසින් එහි ආරක්ෂාව තර කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

පසුගිය දින කිහිපයේම විටින් විට නැගෙනහිර ප්‍රදේශයේ මාර්ගවල වාහන පරික්ෂා කිරිම් සිදු කිරීම් පොලිසිය විසින් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

අද වන විටත් ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ බලකාය, නාවික හමුදාව මෙන්ම බුද්ධි අංශය එම ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් සියළු කටයුතු සුදානම් කර ඇති බව ඔහු කියා සිටියා.

මේ සම්බන්ධයෙන් යම් තොරතුරු ලැබුණු වහාම අදාළ කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

යම් සංචාරයෙකු සම්බන්ධයෙන් අප වඩාත් සැලකිලිමත් විය යුතු අතර අප ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉතාම සැලකිල්ලෙන් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව වැඩිදුරටත් කියා සිටියා.

source :- https://tinyurl.com/2t4pwebx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here