මහවැලි නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයක් හේතුවෙන් සිය ගොවිතැන් කටයුතු නිසි ලෙස ඉටු කර ගැනීමට නොහැකි බවට වැලිකන්ද මල්විල ගොවීන් චෝදනා කරනවා.

ඒ අනුව, පොළොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්විල ගම්මානයේ මල්විල, බෙදුම් ඇළ ගොවි සංවිධානයට අයත් කුඹුරු අක්කර 750ක ප්‍රමාණයක පවුල් 302ක් ගොවිතැන් කරමින් ජීවත් වනවා.

ගොවි සංවිධාන නියෝජිතයින් මහවැලි අධිකාරියෙන් ඉල්ලා තිබුණේ සිය කුඹුරුවලින් ඉවත්වන ජලය යළි එක්රැස් කර ගැනීම සඳහා කුඹුරුවලට යාබදව දැනට අත්හැර දමා ඇති කටුවන්විල රන්දිය වැව ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි.

කෙසේවෙතත් සේනපුර මහවැලි කොට්ඨාස කාර්යාලයේ නිලධාරීන් සිදුකර ඇත්තේ පාරම්පරික ඉඩම් අසලම මායිම් ගල් දමා කුඹුරු වෙන්කර ඇළ මාර්ග කැපීමයි.

මේ වනවිට මහ කන්නයේ ලැබෙන වර්ෂාව සමඟ එම ඇළ මාර්ගවලින් ජලය බැස නොයාම හේතුවෙන් කුඹුරු මුළුමනින්ම ජලයෙන් යටවන බවට ගොවීන් මැසිවිලි නගනවා.

ගොවීන් පෙන්වා දෙන්නේ වැව සාදා ප්‍රතිසංස්කරණය කිරීමට තිබියදී විශාල මුදලක් වියදම් කරමින් මහවැලි බලධාරීන් කරන මෙම අත්තනෝමතික ක්‍රියාව නිසා තමන් දැඩි ගැටලුවකට මුහුණ පෑ බවයි.

මේ සම්බන්ධයෙන් ගොවීන් සහ නිලධාරීන් අතර අවස්ථා කිහිපයකදී විවාදාත්මක තත්ත්වයන් ද මතුවුණා.

source :- https://tinyurl.com/4mch8pxc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here