ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අබලි ලෝහ බැහැර කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වශයෙන් අබලි ලෝහ විශාල ප්‍රමාණයක් එකතු වනවා.

මේ අතර දැනට එකතු වී පවතින අබලි ලෝහ තොග ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් බැහැර කිරීමට නියමිතයි.

ඒ සඳහා 2024-06-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

දේශීය කර්මාන්ත කරුවන්ගේ අමුද්‍රව්‍ය හිඟය සඳහා විසඳුමක් ලෙස ඔවුන්ට ද තරඟකාරී පදනම මත මිල ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබෙනවා.

ඒ අනූව ඔවුන්ටත් අබලි ලෝහ ද්‍රව්‍ය මිල දී ගැනීමට හැකි පරිදි ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කිරීම යෝග්‍ය බවටයි හඳුනාගෙන ඇත්තේ.

මේ අනුව කටයුතු කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන්නේ.

source :- https://tinyurl.com/5fchk8er

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here