අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු රවටා රුපි­යල් ලක්ෂ 45ක මුද­ලක් වංචා කළ සිදුවීමක් වාර්තා වනවා.

නිධා­න­ය­කින් ගොඩ­ගත් බව කියන මැණි­ක් හා රන්කාසි තොග­යක් එම වෛද්‍ය­ව­ර­යාට විකුණා ඇති බවයි පැවසෙන්නේ.

අහිං­සක රෝගි­යකු ලෙස ප්‍රති­කාර ලබා­ගැ­නී­මට පැමිණ මෙසේ වෛද්‍ය­ව­ර­යා රවටා තිබෙනවා.

සැකකරු සංවි­ධා­නා­ත්මක කොල්ල කල්ලි­යක සාමා­ජි­ක­යෙකු බවත් එම රන්කාසි සහ මැණික් ගල්ව­ලින් කොට­සක් සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බවයි අනු­රා­ධ­පුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශය පව­සන්නේ.

මෙලෙස ලක්ෂ 45ක මුදල් කොල්ලකා ප්‍රදේ­ශය මඟ­හැර ගොස් සැඟව සිටින ගලෙ­න්බි­ඳු­ණු­වැව, ගැට­ලාව, කොකා­වැව ප්‍රදේ­ශයේ පදිංචි ජ්‍යොති­ෂ­වේ­දි­යකු , ආයු­ර්වේද වෛද්‍ය­ව­ර­යකු ලෙස කට­යුතු කරන පුද්ග­ල­යකු ඇතුළු දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට නිය­මිත බව පොලි­සිය පවසනවා.

මෙම සිදුවීමෙන් පසුව යළිත් වරක් වෙනත් පුද්ග­ල­ය­කුට රන්කාසි සහ මැණික් ගල් විකි­ණී­මට යන බවට ලද තොර­තු­ර­ක් ලැබී තිබෙනවා.

ඒ අනුව ගැනු­ම්කරු ලෙස පොලිස් උපාය දූත­යකු යොදවා මෙම අත්අ­ඩං­ගු­වට ගැනී­ම සිදුකළ බවයි අනු­රා­ධ­පුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශය පැවසුවේ.

මැණික් ගල් සඳහා වශි­යක් කිරී­මට අවශ්‍ය බව පවසා, ඒවා ‘ජීවම්’ කිරීමේ කට­යුතු සිදු කර සති­ය­කින් ලබා­දෙන බවට පවසා තිබෙනවා.

පසුව එම රන්කාසි සහ මැණික් වෛද්‍ය­ව­ර­යා­ගෙන් යළි ලබා­ගෙන ඇති සැක­ක­රු­වන් සති­ය­කින් පසු දුර­ක­ත­න­ව­ලට ප්‍රති­චාර නොදැ­ක්වීම හේතු­වෙන් වෛද්‍ය­ව­රයා මෙම පැමි­ණිල්ල සිදු කර ඇති බව පොලිසිය පැවසුවා.

මෙම රන් කාසි සහ මැණික් නිධා­න­ය­කින් ගොඩ­ගත් ඒවා බවයි පවසා ඇත්තේ.

සැක­කරු සතුව තිබූ රන්කාසි සහ මැණික් ගල් ව්‍යාජ ඒවාද නැති­නම් නිධා­න­ය­කින් ගොඩ­ගත් රන් කාසිද යන්න නිශ්චි­ත­වම දැන­ගැ­නීම සඳහා පුරා­විද්‍යා වාර්තා­වක් ලබා­ගැ­නී­මට නිය­මි­තයි.

source :- https://tinyurl.com/3bc9mz3d

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here