
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු රවටා රුපියල් ලක්ෂ 45ක මුදලක් වංචා කළ සිදුවීමක් වාර්තා වනවා.
නිධානයකින් ගොඩගත් බව කියන මැණික් හා රන්කාසි තොගයක් එම වෛද්‍යවරයාට විකුණා ඇති බවයි පැවසෙන්නේ.
අහිංසක රෝගියකු ලෙස ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ මෙසේ වෛද්‍යවරයා රවටා තිබෙනවා.

සැකකරු සංවිධානාත්මක කොල්ල කල්ලියක සාමාජිකයෙකු බවත් එම රන්කාසි සහ මැණික් ගල්වලින් කොටසක් සමඟ අත්අඩංගුවට ගත් බවයි අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසන්නේ.
මෙලෙස ලක්ෂ 45ක මුදල් කොල්ලකා ප්‍රදේශය මඟහැර ගොස් සැඟව සිටින ගලෙන්බිඳුණුවැව, ගැටලාව, කොකාවැව ප්‍රදේශයේ පදිංචි ජ්‍යොතිෂවේදියකු , ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන පුද්ගලයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසනවා.
මෙම සිදුවීමෙන් පසුව යළිත් වරක් වෙනත් පුද්ගලයකුට රන්කාසි සහ මැණික් ගල් විකිණීමට යන බවට ලද තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ අනුව ගැනුම්කරු ලෙස පොලිස් උපාය දූතයකු යොදවා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසුවේ.
මැණික් ගල් සඳහා වශියක් කිරීමට අවශ්‍ය බව පවසා, ඒවා ‘ජීවම්’ කිරීමේ කටයුතු සිදු කර සතියකින් ලබාදෙන බවට පවසා තිබෙනවා.
පසුව එම රන්කාසි සහ මැණික් වෛද්‍යවරයාගෙන් යළි ලබාගෙන ඇති සැකකරුවන් සතියකින් පසු දුරකතනවලට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් වෛද්‍යවරයා මෙම පැමිණිල්ල සිදු කර ඇති බව පොලිසිය පැවසුවා.
මෙම රන් කාසි සහ මැණික් නිධානයකින් ගොඩගත් ඒවා බවයි පවසා ඇත්තේ.
සැකකරු සතුව තිබූ රන්කාසි සහ මැණික් ගල් ව්‍යාජ ඒවාද නැතිනම් නිධානයකින් ගොඩගත් රන් කාසිද යන්න නිශ්චිතවම දැනගැනීම සඳහා පුරාවිද්‍යා වාර්තාවක් ලබාගැනීමට නියමිතයි.
source :- https://tinyurl.com/3bc9mz3d







