රුමේනියාවේ සහ මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 200කට අධික පිරිසක් මුදල් වංචා කළ කුරුණෑගල පිහිටි විදේශ රැකියා ආයතනයක හිමිකරුවෙකුගේ මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් වැටලීමට මුදල් තැන්පත් කළ පිරිසක් කටයුතු කර තිබෙනවා.

විදේශ රැකියා ආයතනයේ මුදල් තැන්පත් කළ පුද්ගලයින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයටද තමන්ට යළි මුදල් නොදීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණත් ඔවුන්ට සාධාරණයක් ඉටුවී නැහැ.

මුදල් ලබාදුන් පිරිසක් ඊයේ රාත්‍රියේ මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි එම විදේශ රැකියා ආයතනයේ හිමිකරුගේ නිවස වටලනු ලැබු අතර, එහිදී නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා මාවනැල්ල පොලිසියේ නිලධාරින්ද පැමිණියා.

කුරුණෑගල පිහිටි විදේශ රැකියා ආයතනයක් මගින් රුමේනියාවේ සහ මැදපෙරදිග රටවල රැකියා ලබාදෙන බව පවසමින් දැන්වීම් පළකර තිබෙනවා.

රැසක් එම ආයතනයට මුදල් තැන්පත් කර තිබුණේ ඒ අනුවයි.

නමුත් දිනෙන් දින එම රැකියා ලබාදීමේ පොරොන්දු කඩ කළ විදේශ රැකියා ඒජන්සිකරු විසින් තැන්පත් කළ මුදල් ආපසු නොදී මගහැර තිබුණා.

මොවුන් නිවස වැටලූ අවස්ථාවේ නිවස තුළ සිට ඇත්තේ එම විදේශ රැකියා ආයතනයේ හිමිකරුගේ බිරිඳ පමණයි.

මේ අතර මාවනැල්ලේ පිහිටි විදේශ රැකියා ආයතනයේ හිමිකරුගේ නිවස වැටලීමට ගිය පිරිස අද පෙරවරුවේ කුරුණෑගල පොලිසියට මෙම සිද්ධියට අදාළව පැමිණිල්ලක්ද සිදු කළා.

source :- https://tinyurl.com/pjzxen44

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here