ගොතටුව ප්‍රදේශයේ සුප්‍රසිද්ධ අවන්හලකින් ආහාර ගැනීමෙන් පසුව පානීය ජල බෝතලයක් ගෙන පානය කළ තරුණියකට එය ආසාදනය වීමේ පුවතක් වාර්තා වී තිබෙනවා.

අදාළ තරුණිය මිලි ලීටර් 250ක් වන එම පානීය ජල බෝතලය මුද්‍රා ඉවත් කර පානය කර ඇති අතර එහිදී උගුරට දැඩි අපහසුතාවක් දැනී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇය පානය කළ ජලය වමනය කර ඇති අතර එම අවස්ථාවේදී ඇයගේ උගුර ප්‍රදේශය පිචිචි යන අකාරය දැනී ඇති බවයි පොලිසියට ඇය ලබා දී ඇති පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ.

එම අවස්ථාවේදී අවන්හලට ආහාර ගැනීමට පැමිණි සිටි වෛද්‍යවරියක් එම ජල බෝතලය පානීය ජලය නොව සර්ජිකල් ස්ප්‍රීතු බවට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් සර්ජිකල් ස්ප්‍රීතු අඩංගු බව කියන පානීය ජල බෝතලය පොලිස් භාරයට ගෙන ඇති අතර එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත ලබා දී පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

source :- https://tinyurl.com/24d8k2e5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here