කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ, මින්නේරිය – රොටවැව මංසන්ධිය ආසන්නයේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක වන අලි රංචුවක් ගැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අද අලුයම සිදු වූ මෙම අනතුරින් අලීන් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බවයි වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කළේ.

අනතුරත් සමඟ දුම්රිය පිලී පැන ඇති අතර, එහිදී ටැංකි දෙකක් පෙරලී තිබෙනවා.

එමෙන්ම, ඉන්ධන කාන්දුවක් ද සිදු ව ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

source :- https://tinyurl.com/27b8s9e2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here