ඉන්දු – කැනේඩියානු සබඳතාවලට හානි වීම සම්බන්ධයෙන් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ වගකිව යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්දීර් ජයිශ්වාල් පවසා ඇත්තේ, කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශවලින් තහවුරු වන්නේ ඉන්දියාව දිගින් දිගටම කියූ දේ පමණක් බවයි.

එමෙන්ම කැනඩාව ඉන්දියාවට සහ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින්ට එරෙහිව එල්ල කිරීමට තෝරාගෙන ඇති බරපතල චෝදනාවලට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බව ද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර තිබුණා.

එබැවින් ඉන්දීය කැනඩා සබඳතාවලට ඇති කර ඇති හානිය පිළිබඳ වගකීම අගමැති ටෘඩෝ වෙත පමණක් පැවරෙන බව ද ජයිස්වාල් එහි දී පවසා තිබෙනවා.

ඛාලිස්ථාන ත්‍රස්තවාදී නිජ්ජාර් ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව විසින් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් ඉන්දියාව සාක්ෂි ඉල්ලා සිටින නමුත් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ රජය ලබා දී ඇත්තේ, සාක්ෂි නොවන බුද්ධි තොරතුරු පමණක් බව කැනඩාවේ විදේශ මැදිහත්වීම් විමර්ශනය ඉදිරියේ සාක්ෂි දෙමින් ටෘඩෝ පවසා තිබුණා.

source :- https://tinyurl.com/3x6xdj8d

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here