කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 45ත් 50 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එබැවින් එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම, උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

ඌව සහ නැගෙනහිර පළාත්වලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

source :- https://tinyurl.com/3fva73zu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here