ගෙවුණු වසරක පමණ කාලය තුළ මෙරට මුහුදු සීමාව හරහා ගමන් කළ නෞකා 26කින් මෙරට සාගර කලාපය දැඩි ලෙස දූෂණය වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා.

එම අධිකාරිය මේ බව අනාවරණය කළේ නවීනතම චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කර ගනිමින් ලබාගත් දත්ත පදනම් කර ගනිමිනුයි.

මෙරට සමුද්‍රීය කලාපයේ සිදු වූ ප්‍රධානම අනතුරු දෙක වන්නේ, 2020 වසරේ සැප්තැම්බර් මාසයේ සිදු වූ නිව් ඩයමන්ඩ් නෞකා අනතුර සහ 2022 වසරේ සිදු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරයි.

එම අනතුරු දෙකෙන් මෙරට සමුද්‍රීය පරිසරයට සිදු වූ හානිය පිළිබඳව සිදු කළ කතාබහ තවමත් අවසන්ව නොමැත.

එවන් පසුබිමක ප්‍රංශ රජය සමග එක්ව මෙරට සමුද්‍රීය කලාපය හරහා යාත්‍රා කරන නෞකාවලින් සිදුවන තෙල් කාන්දු වීම් පිළිබඳව විශේෂ නිරීක්ෂණයක් සිදුකිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කටයුතු කළා.

source :- https://tinyurl.com/2z7mzv44

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here