අමානුෂික ලෙස ඝාතනය කරන ලද තම පියාට යුක්තිය ඉටු කිරීමට එම පියාගේ දියණිය පොලිස් නිලධාරිනියක් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ බ්‍රසීලයෙන්.

මෙම තරුණිය අවුරුදු 09දී පුද්ගලයෙකු විසින් ඇගේ පියා ඝාතනය කර තිබෙනවා.

ඇයට මේ වන විට අවුරුදු 35ක් වන අතර පියාගේ ඝාතකයින්ට දඬුවම් ලබා දීමට ඇය පොලිස් නිලධාරිනියක් වූ බවයි ඇය විදෙස් මාධ්‍ය හමුවේ පවසා සිටියේ.

යුක්තිය පතා දශක දෙකකට වැඩි කාලයක් ගත කළ Gislayne Silva de Deus නම් මේ තරුණිය මේ වන විට තම පියාගේ ඝාතනය සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තරුණියගේ පියා 1999 පෙබරවාරි මාසයේදී ණයක් සම්බන්ධයෙන් වෙඩි තබා ඝාතනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම වෙඩි තැබීම සිදුකළ ගෝමස් නම් පුද්ගගලයා අත්අඩංගුවට ගෙන නඩු විභාගයට ලක් කළ අතර පසුව, 2013 දී ඔහුට වසර 12 ක සිරදඬුවමක් නියම වුණා.

කෙසේ වෙතත්, ඔහු උසාවියට ​​අභියාචනයක් ඉදිරිපත් කර සිරගත කිරීමෙන් වැළකී සිටි අතර 2016 දී අධිකරණය ඔහුගේ අවසන් අභියාචනය ප්‍රතික්ෂේප කර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළත් ඔහු අත්අඩංගුවට ගැනීම මගහැර සැඟවී සිටියා.

ගෝමස් සොයා ගැනීමේ අරමුණින්, මෙම තරුණිය අවුරුදු 18 දී නීතිය හැදෑරූ අතර පසුව පොලිසියට බැදී තිබෙනවා.

තම පියාගේ ඝාතකයා නීතිය ඉදිරියට ගෙන ඒමේ අධිෂ්ඨානය නිසා ඇය සිය සේවා කාලය තුළ විවිධ භූමිකාවන් ඉටු කළා අතර සාමාන්‍ය මිනීමැරුම් අංශයේ සේවය කරන අතරතුර, ඇය ගෝමස් ලුහුබැඳීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරනු ලැබුවා.

අවසානයේ ඔහු සැඟවී සිටි බෝ විස්ටා අසල නෝවා සිඩේඩ් ප්‍රදේශයේ ගොවිපලකදී ඔහුව සොයා ගත් අතර ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ සැප්තැම්බර් 25 වැනිදායි.

ප්‍රාදේශීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ, “මම බන්ධනාගාර නිලධාරියෙකුව සිටියදී, ඝාතකයා ඔහුගේ දඬුවම නියම කිරීමට එහි පැමිණෙන බව මම නිතරම සිතුවෙමි.”

ම්ලේච්ඡ ඝාතනයෙන් වසර 25 කට පමණ පසු, ඇය වැරදිකරු (60) සමඟ මුහුණට මුහුණ ලා ඔහුට පැවසුවේ, “මම නිසා ඔබ මෙහි සිටිනවා. ඔබ දැන් වන්දි ගෙවන්න යනවා” යන අදහසයි.

ඇය වැඩිදුරටත් පවසා සිටියේ මෙවැනි අදහසක්.

“අන්තිමට මගේ තාත්තාගේ මරණයට වගකිව යුතු පුද්ගලයා මාංචු දමා සිටිනු දුටු විට, මට කඳුළු වළක්වා ගන්න බෑ. මගේ තාත්තා අපිව පාඩම් කරන්න දිරිමත් කළා. අපට ඔහුව අහිමි වුණා, සිදුවූ දෙය පහසුවෙන්ම අපව වෙනත් දිශාවකට යැවිය හැකි, නමුත් අපගේ මව සැමවිටම අපට නිවැරදි මාර්ගය අනුගමනය කිරීමට ඉගැන්වූවා”

ගෝමස්ගේ වරද 2024 සැප්තැම්බර් 26 දින විනිසුරුවරයෙකු විසින් තහවුරු කරන ලද අතර ඔහුව වසර 12කට සිරගත කර තිබෙනවා.

source :- https://tinyurl.com/4vxd4e93

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here