ප්‍රවීණ රංගනවේදිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් වාහනය සම්බන්ධයෙන් නියෝගය ලබන දෙසැම්බර් මස 11 දින ලබා දෙන බව කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (16) දැනුම් දුන්නාය.

අදාළ වාහනය දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් තවත් පාර්ශ්වයක් විසින් හිමිකම් කියන ප්‍රශ්නයත් මත මෙම නඩුව ගොනු කර තිබෙනවා.

එම වාහනයට හිමිකම් කියන පැමිණිලි සහ විත්තිකාර පාර්ශ්ව වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් දිවුරුම් ප්‍රකාශය මගින් අධිකරණය හමුවේ කරුණු ගොනු කර තිබෙනවා.

මෙම වාහනය තම සේවාදායකයා මුදල් ගෙවා බේරා ගත් වාහනයක් බවත් එහි සන්තකය එය අයත් ලීසිං සමාගමට බව නීතිඥවරයා  අධිකරණයේ අවධානයට යොමු කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය නොමග යවමින් කටයුතු කරන බවද අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර ඇති සැකකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී සිටියා.

source :- https://tinyurl.com/4k2te3k4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here