තීරුබදු සහන සහිත වාහන ආනයනය කිරීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා.

එසේම මෙම අවස්ථාවේ හදිසියේ වාහන ගෙන්වීම කර නොමැති බවත්, නව රජය බලයට පත් වූ පසු තීරුබදු සහන ලබා දෙන වාහන ගෙන්වා නොමැති බවත්, ඔහු සඳහන් කරනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ.

එමෙන්ම ඩොලර් අර්බුදයක් රට තුළ යළි ඇති නොවෙන ආකාරයට, වාහන අවශ්‍යතාවය සැපිරීම සඳහා යම් ඉඩ ප්‍රස්ථාවක් ලබා දීමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

source :- https://tinyurl.com/2p9zvsnf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here