රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද (15) එල්ල වු බඹර ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලැබූ සිසුන් 6 දෙනෙකු රෝහල ගතකර තිබෙනවා.

බෝපත්තලාව, හරිත කන්දේ කඳවුරු බැදිමට ගිය රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකටයි මෙම අනතුර සිදුව ඇත්තේ.

තුවාල ලැබූ පිරිස බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කළ බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.

මෙම සිසුන් (14) දින පස්වරුවේ බගවන්තලාව ප්‍රදේශයෙන් හරිත කන්ද තරණය කිරිමට ගොස් තිබෙනවා.

එදින රාත්‍රියේ කඳවුරු බැඳ අද (15) නැවත ආපසු බගවන්තලාව දක්වා පැමිණෙන අතුරතුරයි ඇවිස්සි සිටි බඹරුන්ගේ ප්‍රහාරයකට ලක්ව ඇත්තේ.

බඹර කුඩුවල වද කඩා ගැනිමට උකුස්සන් පහර දිම හේතුවෙන් ඇවිස්සි ඇති බඹරුන් විසින් මෙම සිසුන් පිරිසට පහර දි ඇති බවයි පොලිසිය පැවසුවේ.

source :- https://tinyurl.com/258fra5n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here