පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වනවිට මත්ස්‍ය මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ හේතුවෙන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ද මත්ස්‍ය මිල ඉහළ ගොස් තිබෙනවා.

එසේම පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මත්ස්‍ය තොග ලැබුණද පවතින ගංවතුර තත්ත්වය නිසා ඒවා බෙදාහැරීමට බාධා එල්ල වී ඇති බවටයි වාර්තා වෙන්නේ.

මෙම තත්ත්වය නිසා මත්ස්‍ය මිල ගණන් ඉහළ ගොස් තිබෙන අතර, මේ වනවිට තෝරා මාළු කිලෝවක මිල රුපියල් 1800ක්, තලපත් කිලෝවක මිල රුපියල් 1400ක්, කෙලවල්ලා කිලෝවක මිල රුපියල් 1200ක්, බලයා කිලෝවක මිල රුපියල් 700ක් සහ සාලයා කිලෝවක මිල රුපියල් 300ක් වැනි මුදලකට අලෙවි වෙනවා.

source :- https://tinyurl.com/5yuupx8c

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here