
එළවළු වර්ග රැසක මිල පහත වැටී ඇතැයි වාර්තා වනවා.
උඩරට එළවළු වර්ග රටපුරා බෙදා හරින ප්‍රධානතම ආර්ථීක මධ්‍යස්ථානය වන කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් පවසන්නේ පවතින අයහපත් කාලගුණ හේතුවෙන් මෙසේ මිල පහළ වැටී ඇති බවයි.
ඉකුත් දිනවලදීත් එළවළු වර්ග රැසක මිල පහත වැටී තිබුණා.

වෙලෙදුන් පවසන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක් අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ජල ගැලීම්වලට ලක්ව පැවතීම නිසා පිට පළාත් වෙලෙදුන්ගේ පැමිණිම අඩු විම හා එළවළු වගා බිම් පවතින ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණය මීට ප්‍රධාන හේතුවක් බවයි.
වැස්ස හමුවේ අස්වනු විනාශ වීම හා අස්වනු නෙලීමට ඇති අපහසුතාවද මිල පහත වැටීමට බලපා ඇතැයිද ගොවින් හා වෙලෙදුන් පවසනවා.
මේ වන විට කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල ගණන් අතර බෝංචි කිලෝවක් රුපියල් 350- 330 අතර මිලකත් තක්කාලි කිලෝවක් රුපියල් 180 – 200 අතර මිලකත් අලෙවි වනවා.
වම්බටු කිලෝවක් රුපියල් 50 – 60 අතර මිලකත් කැරට් කිලෝවක් රුපියල් 70-75 අතර මිලකත් ගෝවා කිලෝවක් රුපියල් 50- 70 අතර මිලකත් නෝකෝල් කිලෝවක් රුපියල් 70 – 80 අතර මිලකට අලෙවි කෙරෙනවා.
එමෙන්ම ලීක්ස් කිලෝවක් 120 – 130 අතර මිලකත් බීට් කිලෝවක් රුපියල් 60 – 70 අතර මිලකටයි අලෙවි වන්නේ.
මාළු මිරිස් කිලෝවක් රුපියල් 500 – 550 අතර මිලකත් දේශිය අර්තාපල් කිලෝවක් රුපියල් 180 – 200 ත් අතර මිලකත් රාබු කිලෝවක් රුපියල් 60 – 70 අතර මිලකට මෙන්ම අමුමිරිස් කිලෝවක් රුපියල් 400 ක මිලකට පවතිනවා.








