
මහනුවර – අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක සැකසහිත ලෙස ලැගුම්ගෙන සිටි චීන ජාතිකයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ලද තොරතුරක් මත මහනුවර පොලිසිය ඊයේ පස්වරුවේ සිදු කළ වැටලීමකදීයි.
පල්ලෙකැළේ – නත්තරන්පොත ප්‍රදේශයේ දී ද පෙරේදා සැකකටයුතු ලෙස ලැගුම්ගෙන සිටි චීන ජාතිකයන් ඇතුළු විදේශීය ජාතිකයින් 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව ඔවුන් සහ ඊයේ අත්අඩංගුවට ගත් පිරිස අතර යම් සබඳතාවක් පවතීද යන්න පිළිබඳව විමර්ශන සිදු කරන බවයි පොලිසිය පැවසුවේ.
මේ අතර අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක රැදී සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.
source :- https://tinyurl.com/w9xjxfnj







