
ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් ඇති විය හැකි තද සුළං සහ වැසි තත්ත්වය හමුවේ නැවත දැනුම් දෙන තුරු උතුර – නැගෙනහිර මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.
එම දෙපාර්තමේන්තුව අද දහවල් නිකුත් කල අවදාත්මක නිවේදනයේ දැක්වෙන්නේ එම අඩුපීඩන කලාපය ඉදිරි දින දෙක තුලදි බටහිර – වයඹ දෙසට ගමන් කරමින් උතුරු තමිල්නාඩුව, පුදුචේරි සහ යාබද දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය දෙසට ගමන් කරනු ඇති බවයි.
ඒ අනුව උතුරු ,නැගෙනහිර මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමිටර 60ත් 70ත් අතර තද සුලං සමගින් තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

source :- https://tinyurl.com/adxyudy7







