අවතැන් වූ පලස්තීනුවන් නවාතැන් ගෙන සිටි මධ්‍යම ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායල විසින් ඊයේ (13) එල්ල කළ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේම එම ප්‍රහාරයෙන් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

මෙම පාසල අවතැන්වූවන් සිය ගණනකට රැකවරණය සපයා ඇති බවටයි මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) කියා සිටියේ, ඔවුන් එම සිද්ධිය පිළිබඳව සොයා බලන බවයි.

ගාසා තීරයේ ඩීර් එල්-බාලාහි පාසලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් දින කිහිපයකට පසුවයි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

එමෙන්ම මීට පෙර උතුරු ගාසා තීරයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් වීදි කොනක සෙල්ලම් කරමින් සිටි ළමුන් පස් දෙනෙකු මිය ගිය බවට වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

source :- https://tinyurl.com/y45hf3na

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here