
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වලත් හෙට දිනයේත් විටින් විට ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලීමීටර් 75 ක පමණ තද වැසි ඇති විය හැකියි.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

එමෙන්ම, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වලත් පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මේ අතර, වර්ෂාපතනයත් සමග දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය ලුණුවිල දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියා.
source :- https://tinyurl.com/bdetcrnu







