පෞද්ගලික ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයින්ට ලබාදී තිබූ ගිනිඅවි ආපසු ලබාදෙන්නැයි ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදුකළ දැනුම්දීම මත නැවත භාරදී ඇත්තේ ගිනිඅවි 30ක් පමණක් බව වාර්තා වනවා.

ඉකුත් වසරවල විවිධ ‘විශේෂිත පුද්ගලයන්’ සඳහා නිකුත් කරන ලද ගිනි අවි 1,690කින් 30 ක් පමණක් මෙසේ වැලිසර නාවික හමුදා කඳවුරට ආපසු ලබා දී තිබෙන බවයි පැවසෙන්නේ.

ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් සහ වෙනත් ධනවත් පුද්ගලයන්ට පවතින තර්ජන පිළිබඳව නිසි තක්සේරුවකින් තොරව මෙම ගිනි අවි නිකුත් කර ඇති බවයි ආරක්ෂක ආරංචි මාර්ග අනාවරණය කරන්නේ.

මේ අතර එම ප්‍රභූවරුන්ට විවිධ තර්ජන පවතින බව පවසා පොලිස් වාර්තා ලබාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජනමාධ්‍ය වෙත පවසා තිබෙනවා.

පැවති ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන් ගිනි අවි 10 බැගින් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එසේ අවි ලබාගත් මන්ත්‍රීවරුන් 100කට අධික පිරිසක්ද සිටින බව පැවසෙනවා.

මේ අතර පොලිස් ආරංචි මාර්ග පවසන්නේ එම ආයුධවලින් යම් ප්‍රමාණයක් අතුරුදන් බවයි.

source :- https://tinyurl.com/yw54kn38

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here