පවතින වැසි තත්ත්වයේ මි.මී.150 ට ඉක්මවු තද වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑම් අනතුරු ඇඟවීමක්ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය දැනුම් දී තිබෙනවා.

මේ අතර ගාල්ල, මාතර, බදුල්ල, නුවරඑළිය, කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට අදාලව, නාය යෑමේ අවදානම් ප්‍රකාශයට පත් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය කියා සිටියා.

එමෙන්ම, වයඹ සහ මධ්‍යම පළාත්වලට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු කාලයේදී හෝ රාත්‍රි කාලයේදී මිලි මීටර් 75 ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. එමෙන්ම, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වලට විටින් විට හමන පැයට කිලෝ මීටර් 40 ත් 50 ක පමණ තද සුළං අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

මේ අතර, අද අලුයම 2යි 30 න් අවසන් වූ පැය 18 ක කාලය තුළ වැඩිම වර්ෂාපතන වන මිලිමීටර් 195 හංවැල්ල ප්‍රදේශයට ලැබී තිබෙනවා. එමෙන්ම, දිවුලපිටිය ප්‍රදේශයට මිලිමීටර් 163 යි දශම 05 ක් සහ කලුතර – වෝගන් වතු යාය ප්‍රදේශයට මිලිමීටර් 163 යි දශම 5 ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එමෙන්ම, ජලයෙන් යටවීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06 කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම දිස්ත්‍රික්ක 10 ක් දක්වා ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, බදුල්ල, ගාල්ල, කලුතර, කෑගල්ල, මාතර, නුවරඑළිය, රත්නපුර, කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සදහා මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.

source :- https://tinyurl.com/2uzthbyz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here