සියලුම විශ්‍රාමිකයන්ට ලබන සතියේ සිට රුපියල් 3,000ක මාසික අතුරු දීමනාවක් ලබා දීමට ජනපති අනුර දිසානායක විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, ඔක්තෝබර් මාසයේ විශ්‍රාම වැටුප දැනටමත් විශ්‍රාමිකයන්ගේ ගිණුම වෙත යවා ඇති බැවින්, ඔක්තෝබර් මාසය සඳහා වන රුපියල් 3000ක දීමනාව ඉදිරි සතිය තුළ ඔවුන්ගේ ගිණුම් වෙත බැර කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

එමෙන්ම, එම රුපියල් 3000ක දීමනාව ලබන මස සිට විශ්‍රාම වැටුපට එකතු කර ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

source :- https://tinyurl.com/2a423epw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here